නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 12, 2017

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

CHFE)

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුවඅද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පළමුවරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද(සැප්තැම්බර් 12) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී මුණගැසිනි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අතර එහිදී සුහද සාකච්ඡාවක් පැවති අතර, රටේ වත්මන් ආරක්ෂක තත්වය හා සාගරික ආරක්ෂාව පිළිබඳ වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමුකෙරිණි.සාකච්ඡාවෙන් අනතුරුව නව ධූරයට පත්වූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නමහතාට සුභපැතුම් එක්කල ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ  රාජකාරි හොඳින් ඉටුකරගෙන යාමට ඒ මහතාට සුභ පැතීය.

නිළ හමුවෙන් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාවෙත සමරු  සිහිවටනයක් ප්‍රදානය කළේය.

RWA (1) RWA (2)

No comments:

Post a Comment

Post Bottom Ad