විදුලි වැඩ වර්ජනය දිගටම -අනියම් පරිවාස සේවකයින්ට සේවා අනිවාර්ය කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 14, 2017

විදුලි වැඩ වර්ජනය දිගටම -අනියම් පරිවාස සේවකයින්ට සේවා අනිවාර්ය කෙරේ


ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබු වැඩ වර්ජනය අඛණ්ඩව තවමත් සිදුවේ.විෂය භාර සියඹලාපිටිය අමාත්‍යවරයා සමඟ අද සවස පැවති සාකච්ඡාවද අසාර්ථක වී ඇත. මතුවී තිබූ සමහර ගැටළු පසුගිය ආණ්ඩුව ඉතිරිකර ගිය ඒවා බවද, එදා මේ ගැන කතාකරන්නවත් වේදිකාවක් නොමැතිව සිටි පිරිසට වේදිකාවක් තනාදී සේවක අයිතීන් සුරක්ෂිත කරන්නට තමා කටයුතු කළ නමුත් දිගටම වැඩවැරීම අසාධාරණ බවද ඔහු කීය.

විදුලි පාරිභෝගිකයන්ට ගැටළු ඇතිවීමට ඉඩ නොතබන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය හදිසි විදුලි සේවාවන් සැපයීම සදහා අවශ්‍ය වන ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම මත සහ පරිවාස සේවාකාලය තුළ සිටින සියළුම සේවකයින් 2017.09.15 (හෙට දින) පෙ.ව 08.30ට පෙර තම සේවා ස්ථානය වෙත අනිවාර්යෙන් වාර්තා කළ යුතු බවට හදිසි මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබේ.

එසේ සේවයට වාර්තා නොකරන ලංකා විදුලිබල මණ්ඩලයේ සියළුම අනියම් පදනම මත සහ පරිවාස කාලය තුළ සිටින සියළුම සේවකයින් සේවය අතහැර ගියා සේ සළකා කටයුතු කරන බවද දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad