වතුර නැති ගම් රැසකට නොමිලේ වතුර බෙදන ගල්ගමුවේ ගාමිණී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 15, 2017

වතුර නැති ගම් රැසකට නොමිලේ වතුර බෙදන ගල්ගමුවේ ගාමිණී


ජල හිඟයෙන් දැඩි පීඩාවට පත් ගම්මාන රාශියක ජනතාව වෙනුවෙන් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ජල පහසුකම් ලබාදෙන අලව්ව, ගල්ගමුව දකුණ පහළගම ගම්මානයේ පදිංචි ඇම්. පී. ගාමිණී පුෂ්පකුමාර නම් ආදර්ශවත් තරුණයකු සොයා අපි පසුගියදා එම ගම්මානයට ගියෙමු. ඔහුගේ නිවෙසට යන විටත් ජනතාව සඳහා බෙදා හැරීමට ජලය පුරවාගත් ටැංකියක් තම ට්‍රැක්ටරයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියේය. 

විශාල ධනයක් වැය කරමින් මෙවන් සත්කාරයක් කිරීම සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ ගාමිණී මහතා මෙසේ කීය. 

"කුඩා ඔය ආසන්නයේ මම පදිංචි වෙලා ඉන්නේ. අපේ ළිංවල හොඳට වතුර තියෙනවා. කුඩා ඔයෙත් වතුර තිබෙනවා. අපේ ගම ඇතුළු ගම්මාන රාශියකට නියඟය නිසා ජලය අහිමි වෙලා. අපි කවුරුත් මනුෂ්‍යයෝ. වතුර නැතිව ජීවත් වෙන්න බෑ. වතුර නැති අයට වතුර ටිකක් දීම විශාල පින්කමක් ලෙස මා සලකනවා. ඒ නිසා මා අදහස් කළා නොමිලේ පානීය ජලය ලබාදීමටත්, ස්නානය කර ගැනීමටත් පහසුකම් ලබාදීමට. මගේ වත්තේ ලීටර් 10යේ ටැංකියකට කුඩා ඔයෙන් වතුර පොම්ප කර ඕනෑම අයකුට දිය නෑමට හා රෙදි සේදීමට සුදුසු ස්ථානයක් සකස් කළා. ටැංකියේ ජලය අවසන් වූ පසු මෝටරය ක්‍රියාත්මක කිරීමට එම ස්ථානයේම විදුලි ස්විච් සවිකළා. දිනකට සිය ගණනක් පැමිණ මෙම ස්ථානයේ දිය නානවා. ඉන් මා විශාල සතුටක් ලබනවා. මෙයින් මා බලාපොරොත්තු වන්නේ ආත්ම තෘප්තියක් පමණයි" යැයි ඔහු ඉතා සතුටින් අප සමඟ පැවැසීය.

මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ ගල්ගමුව මහා විද්‍යාලයේ පාඨශාලාචාර්ය කේ. ඒ. පී. කළුආරච්චි මහතා.

අද බොහෝ තරුණ කොටස් සමාජ විරෝධී ක්‍රියාවන් සිදුකරන කාලයක ගාමිණී පුෂ්පකුමාර වැනි තරුණයන් බිහිවීම අප ලැබූ භාග්‍යයක් වාසනාවක් ලෙස සැලකිය හැකියි. ප්‍රදේශයේ පිපාසයෙන් හා ජල අවශ්‍යතාවලින් දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව සඳහා නොමිලේ ජල පහසුකම් ලබාදීමට තරම් කාරුණික පුද්ගලයකු වීම මුළු ප්‍රදේශයට මෙන්ම මුළුමහත් රටටම ආදර්ශයක් ලබාදෙන තරුණයකු බව ගම්වාසීන් වෙනුවෙන් මා කියා සිටිනවා.

අලව්ව - මුදියන්සේ අබේකෝන්

No comments:

Post a Comment

Post Bottom Ad