මට ලලිත් වීරතුංග වීරයෙක් - මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

මට ලලිත් වීරතුංග වීරයෙක් - මහින්ද


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභායාරාමයේ පැවති උත්සවයකදී ඊයේ මෙසේ කීවේය. ‘මම ගියා සිරගත වෙලා ඉන්න මගේ ලේකම්තුමා ලෙස කටයුතු කළ ලලිත් වීරතුංග මහත්තයව බලන්න. එතුමා රෝහලේ ඉඳන් ඇවිල්ලයි හිටියේ. එතුමා හිටියේ සරමක් ඇඳගෙන. මට එතුමාව දැක්කහම ලොකු කනගාටුවක් ඇති වුණා. එතුමා කළේ ජනාධිපතිවරයා දුන්නු නියෝගය ක්‍රියාත්මක කළ එකයි. 

පොල්ලක් අරගෙන ගිහිල්ලා ගහල මේක දෙන්න කියලා ලේකම්තුමාට කිව්වේ නෑ. එතුමා කළේ මම දුන්නු නියෝගයක් පිළිපදින එකයි. කෙසේ වෙතත් දැන් තීන්දුවක් ලැබිලා තියෙනවා. අපි ඒ තීන්දුව පිළිගන්නේ නෑ. නමුත් එතුමා හිරේ යා යුතුද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. සත්භාවයෙන් කරන ක්‍රියාවලට සිරගත වන්න වෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්.

අද රණවිරුවෝ අසරණ වෙලා ඉන්නේ. අද සමහර කාරණා විකෘති කරලා සමහර නායකයෝ ඉදිරිපත් කරලා තිබෙනවා. ජනතාව දැන් තිගැස්මට පත්වෙලා ඉන්නේ. අපි එදා සිල් රෙදි දුන්නේ සිල් රෙද්දක්වත් අඳින්න තිබුණේ නැති මිනිස්සු මේ රටේ සිටි නිසයි. ලලිත් වීරතුංග මහතා වීරයෙක්.වත්මන් ආණ්ඩුව ලලිත් වීරතුංග වැනි රාජ්‍ය නිලධාරීන්ව සිරගත කරන්නේ නව ව්‍යවස්ථාව ගෙන ඒම වෙනුවෙන් ජනතාව බිය ගැන්වීමට.

අපි 2005 ඉඳන් ආණ්ඩු කළා. අපි කාගෙන්වත් පළිගත්තේ නැහැ. එහෙම කළා නම් අද සමහරු නෑ. එදා බටලන්ද අරලන්ද කියලා කොමිසම් තිබුණා. මොනවාද ඒවාට වුණේ. අද කාලය ඇවිත් තියෙනවා තමන්ගේ රටට විය යුතු යුතුකම හරි විදියට ඉටු කරන්න.‘

No comments:

Post a Comment

Post Bottom Ad