ආදාහනය කිරීම සඳහා අනුරාධපුර “නිසල නිම්නය” පොදු සුසාන භූමියට භාරදෙන මළ සිරුරු අඩක් පමණක් පුළුස්සන බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම සුසාන භූමියේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
අනුරාධපුර නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා අප වෙත අදහස් දක්වමින් කියා සිටියේ සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි. මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් පවත්නවන බව උතුරුමැද දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති පද්මලාල් සඳුන්ගහවත්ත මහතා පවසනවා.
ඊට සම්බන්ධයෙන් සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස තමා අනුරාධපුර නව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට නියෝග කළ බවයි හෙතෙම සඳහන් කළේ. අදාළ සුසානභූමියට භාරදෙන මළ සිරුරු අඩක් පමණක් පුළුස්සා වලදමන බවටයි චෝදනා එල්ලවන්නේ. ඒ හේතුවෙන් මළසිරුරු කොටස් සුසානභූමියේ තැනින්තැන පවතින බවට ද ජනතාව චෝදනා කර සිටියා. ගෑස් ඉතිරි කර ගැනීමේ අරමුණින් එලෙස මළ සිරුරු අඩක් පමණක් පුළුස්සන බවටයි අනාවරණ වී ඇත්තේ.
Source : News24
අපගේ පෙර පුවත,
රෑ 12ට මළමිනී බල්ලෝ කන – අනුරාධපුර “නිසල නිම්නය” සුසාන භූමියේ සිදුවන අහස පොළව නුහුලන අපරාධය මෙන්න (සංවේදී දර්ශණ සහිතයි – සංවේදී අය බලන්න එපා ) – VIDEO
Thursday, September 14, 2017

වැඩ තහනම් කළ සොහොන් පල්ලන් දෙදෙනා බාගෙට මිනී පිච්චුවේ ඇයි ?
Tags
# ආරක්ෂක පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment