ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් හිමිකර දෙමින් ඉන්දියාව ජයගනී (UPDATE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 20, 2017

ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් හිමිකර දෙමින් ඉන්දියාව ජයගනී (UPDATE)

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායමට හැකි වුණා. ඉන්දියානු නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 02කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කරගත හැකි වුයේ  ලකුණු 216ක් පමණයි.

ඒ අනුව ලකුණු 217 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 28යි පන්දු 05කදී තම ඉලක්කය ජය ගත්තා. ඉන්දියාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු ශිකර් ධාවන් නොදැවී ලකුණු 132ක් රැස් කළ අතර ඔහුට අනගි සහයක් වෙමින් නායක විරාත් කෝලි නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 82ක්.


-----------------------------------

මැතිව්ස් එක් අන්තයක තනිවෙයි – මැදපෙල දුර්වල පිතිකරණයෙන් ශ‍්‍රී ලංකා ඉනිම කඩා වැටෙයි  

මැද පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් සංචාරක ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ ශ‍්‍රී ලංකා ඉනිම ලකුණු 216කට සීමා වුනා.

විටක එක් කඩුල්ලක් දැවී ලකුණු 139ක් ලබා සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු 09 ලකුණු 77ක් තුළ දවා ගැනීමට ඉන්දියානු පන්දුයවන්නන් සමත් වු අතර ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල අගනා ලකුණු 64ක් රැස් කිරීමට සමත් වුනා. එක් අන්තයක හුදකලා ඉනිමක් ක‍්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 36යි.



No comments:

Post a Comment

Post Bottom Ad