විජේදාස රාජපක්‍ෂ අගමැති පුටුවට.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 20, 2017

විජේදාස රාජපක්‍ෂ අගමැති පුටුවට.. ශ‍්‍රීලනිප ආණ්ඩුවක්..

මෙහෙම ගියොත් විජේදාස රාජපක්ෂ මහතා නවතින්නේ අගමැති පුටුවෙත් වාඩිවෙලා බව තමා විශ්වාසයෙන් පවසන බව වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පැවසුවේ ගාල්ල දිසත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මෙසේද පැවසීය.

අපි විශ්වාසයෙන් කියනවා ශ්‍රීලනිපයේ අපි 50 ක් ඉන්නවා. අපි 50 ම අත් දෙකම උස්සලා අපි විජේදාසව රැක ගන්නවා. ඔඵව තියන , වැඩ පුළුවන්, දැක්මක් ඇති, අනාගතයට වැඩදායී නායකයෙක් වන විජේදාස රාජපක්ෂ මහත්මයා මේ විදියට සවුත්තු කරන්න දෙන්න බෑ. පසුගිය ආණ්ඩුවේ හොරු අල්ලන්න කියලා කලබල වුන ලා බාල අලි රංවුව කරන්න හදන මේ වැඩේ තුනෙන් දෙකක ඡන්දෙන් අපි පරද්දනවා කියන එක විශ්වාසයෙන් කියනවා. ඒ වගේම ඉදිරි දෙමස තුළ තනි පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ඒකාබද්ධ විපක්ෂයේ අගමැතිවරයෙකු පත් කර අලුත් ආණ්ඩවක් හදනවා. 


මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා මේ පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට බන්දේසියක තියලා බාර දුන්නා. ඒ භාර දීලා නිකන් හිටියේ නෑ 2015 අගෝස්තු 17 කුරුණෑගලින් ඡන්දේ ඉල්ලුවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එකොලහක් අපේ හිටියා. ඒක දාහතරක් කරන්න තමයි අපි ඉල්ලුවේ. ඒක බැස්ස අටට. ඉතින් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට කියනවා ඔබතුමා අයේ තරඟ කරන්නේ නෑ. තරඟ කරන්න බෑ.

මෛත්‍රීසිරිසේන ජනාධිපති තුමත් එක්ක අත්වැල් බැඳගෙන ඉදිරි මාස දෙක ඇතුලත ඒකාබද්ධ විපක්ෂයේ අගමැති වරයෙක් පත් කරලා අපි අලුත් ආණ්ඩුවක් හදන්න කටයුතු කරන්න කියලා. 2020 වෙනකන් ඉන්න උවමනා නෑ. 


තනිපක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඒකාබද්ධ විපක්ෂය එක්ක ඒකරාශීවෙලා ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැති කෙනෙක් පත්කරන්න අපි කටයුතු කරනවා. කිසියම අයෙකුට චෝදනාවක් තියෙනවා නම් චෝදනාව විභාග වෙන්න ඕනේ. සී.අයි. ඩී. එකට එෆ්.සී.අයි ඩී එකට පැමිණිල්ලක් ගියාම ඒවා විභාග කරනවා. ඒ ඒ ආයතන වලට ලැබෙන පැමිණිලි මත ඒ ඒ ආයතන ක්‍රියාත්මක වෙනවා. රාජපක්ෂ පවුල උසාවි දාලා හිර කරන්න උත්සාහකරනවා නම් අපි ඒකට විරුද්ධයි.

– සුනෙත් ගාල්ලගේ

No comments:

Post a Comment

Post Bottom Ad