කොළඹ සිට බරණැසට සෘජු ගුවන්ගමන් ඇරඹේ


ශ්‍රී ලංකාවේ බෞද්ධ වන්දනා ගමන් යෙදෙන අයගේ පහසුව පිණිස කොළඹ කටුනායක සිට ඉන්දියාවේ වරාණාසි දක්වා සෘජු ගුවන් ගමන් ඇරඹීමට ඉන්දියානු ගුවන් සේවා සමාගම කටයුතු කර ඇත. ඒ අනුව පළමු ගමන පසුගිය 4 වනදා සිදු විය. වරාණාසි සිට කටුනායකට ආ පළමු ඒ 320 යානය ජල ආචාර සහිතව එදින පිළිගනු ලැබීය.

පසුගිය කාලයේ ඉන්දියාවේ කුඩා ගුවන් තොටුපළ දක්වා ගමන් කළ මිහින් ලංකා සේවාවන් අත්හිටුවීමෙන් පසුව ශ්‍රී ලන්කන් යානා ගමන් කරන ප්‍රධාන නැවතුම් දක්වා පමණක් බොහෝ සේවා ක්‍රියාත්මකවූ නිසා දඹදිව වන්දනා කටයුතු පෙර මෙන් පහසු වූයේ නැත. නමුත් මෙම සෘජු ගුවන් ගමන් ඉදිරියට දඹදිව වන්දනා ගමන් යන අය සඳහා විශේෂ පහසුකම් සලසනු ඇතැයි වාර්තාවේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment