"‌ශ්‍රී ලංකාවේ ප්‍රදීප් කුවේට් හිදි අසරණ වෙයි - තවත් ශ්‍රී ලාංකිකයෙක් වන මොහොමඩ් සෆ්‍රාන් ඔහුගේ දිවි බේරලා" - රෝගාතුර ප්‍රදීප් හදුනා ගන්න ඔබගේ උදව් අවශ්‍යයි ,! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 12, 2017

"‌ශ්‍රී ලංකාවේ ප්‍රදීප් කුවේට් හිදි අසරණ වෙයි - තවත් ශ්‍රී ලාංකිකයෙක් වන මොහොමඩ් සෆ්‍රාන් ඔහුගේ දිවි බේරලා" - රෝගාතුර ප්‍රදීප් හදුනා ගන්න ඔබගේ උදව් අවශ්‍යයි ,!

කුවේට් හි සේවයට ගොස් සිට අතරමන් වී සිටින ශ්‍රී ලාංකිකයෙක් පිළිබදව වාර්තා වෙනවා. කුවේට් හි සේවය කරනා තවත් ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් සෆ්‍රාන්ට මෙම තරුණ‍යා මහමග වැටි සිටියදි හමුව ඇති අතර ඒ වන විට ඔහු දැඩි ලෙස රෝගාතුරව සිට තිබෙනවා. ඉන්පසුව ඔහු සිය වාහනයට නංවා ගන්නා මොහොමඩ් සෆ්‍රාන් ඔහුව රෝහලක් වෙත භාර කර තිබෙනවා.

මෙම තරුණයාගේ විදේශ ගමන් බලපත්‍රයට අනුව ඔහුගේ නම ප්‍රදීප් නුවන් බවත් ඔහු අනුරාධපුර ප්‍රදේශයේ බවත් සදහන්. දැනට කුවේට් හි රෝහලක ප්‍රතිකාර ලබන  ප්‍රදීප් නුවන් හදුනා ගැනීමට ඔබගේ සහය අවශ්‍ය බව ඔහු රෝහලට ඇතුලත් කල මොහොමඩ් සෆ්‍රාන් පවසනවා. ඒ අනුව ඔහු හදුනන කෙනෙකු ඇත්නම් මොහොමඩ් සෆ්‍රාන් ඇමතීමෙන් ඔහුගේ විස්තර දැනගත හැකියි.

තරුණයාගේ විඩීයෝ හා ඡයාරූප පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad