පහලොස්‌දාහසකට විකුණුන වයස 16 දැරියගේ උඩු යටිකුරු වූ ඇත්ත කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

පහලොස්‌දාහසකට විකුණුන වයස 16 දැරියගේ උඩු යටිකුරු වූ ඇත්ත කතාව


මෙරට සිදුවන විවිධ දූෂණ, වංචා, ජාවාරම් මැඬලීම පිණිසත් එවැනි ක්‍රියාවල යෙදෙන්නන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීම සම්බන්ධයෙනුත් පානදුර වලාන පිහිටි දූෂණ මර්දන ඒකකය ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ කලක පටන්ය. ඉකුත් දිනක එහි අධ්‍යක්‍ෂවරයා වන සහකාර පොලිස්‌ අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතා වෙත දුරකථන ඇමතුමක්‌ ගන්නා එක්‌තරා පුද්ගලයෙක්‌ අනාවරණය කර ඇති තොරතුරුවලින් කියවී ඇත්තේ සහකාර පොලිස්‌ අධිකාරිවරයාගේ පවා හදවත මොහොතකට සසල කළ පුවතකි. 

ශිෂ්ට සම්පන්න මිනිසුන් කිසිසේත් අපේක්‌ෂා නොකරන කැත හිරිකිත එම පුවතින් කියවී ඇත්තේ දොම්පේ ප්‍රදේශයේ එක්‌තරා පුද්ගලයෙකු කලක පටන් ජංගම ගණිකා ජාවාරමක නිරත වන බවත් ඔහු අතින් ගනුදෙනු කරුවන් වෙත බාලවයස්‌කාර දැරියන් කීප දෙනකු ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බවත්ය. කලක පටන් මෙරට තුළ අප්‍රකටව සිදුවන බිහිසුණු ඛෙදවාචකයක “එක්‌ ජවනිකාවක්‌” බියගම ප්‍රදේශයෙන් වාර්තාවීමත් සමඟ එහි සුල මුල සොයා ගැනීම පිණිස වලාන දූෂණ මර්දන ඒකකය සිය රාජකාරිය ආරම්භ කරන්නේය. 

ඒ අනුව අදාළ වැටලීමට සුදුසු නිලධාරීන් පිරිසක්‌ තමන් වෙත කැඳවන සහකාර පොලිස්‌ අධිකාරිවරයා එම සිද්ධිය රාජකාරියට එහා ගිය රට වෙනුවෙන් කරනු ලබන යුතුකමක්‌ ලෙස සලකා අදාළ පුද්ගලයා කුමන උපක්‍රමයකින් හෝ පොලිස්‌ අත්අඩංගුවට ගත යුතු බවට නිලධාරීන්ට උපදෙස්‌ දෙන්නේය. කලක පටන් බියගම, දොම්පේ හා ඒ අවට තවත් ස්‌ථාන රැසක්‌ මුල්කරගෙන පවත්වාගෙන යමින් තිබූ අහස පොළොව නුහුලන අපරාධයක සුලමුල රට හමුවේ හෙළිදරව්වන්නට ගන්නේ ඉන් අනතුරුවය.

සැකකාර ත්‍රීවිල් රථ රියාදුරු

ඔත්තුකරු විසින් ලබාදුන් තොරතුරුවලට අනුව ව්‍යාපාරිකයෙකුගේ වෙස්‌ ගන්නා පොලිස්‌ කොස්‌තාපල්වරයෙක්‌ පළමුව බියගම ප්‍රදේශයට පිටත්ව යන්නේ සිද්ධිය පිළිබඳ මූලික තොරතුරක්‌ ලබා ගන්නා අටියෙන්ය. එහිදී එක්‌තරා ත්‍රිරෝද රථ රියෑදුරෙක්‌ සමඟ කරනු ලබන කෙටි කථාබහකින් අනතුරුව මිත්‍රත්වයක්‌ ගොඩනඟාගෙන ඇති පොලිස්‌ කොස්‌තාපල්වරයා තැනට සුදුසු නුවන පාවිච්චි කරමින් ත්‍රීවීල් රථ රියෑදුරා හමුවේ පවසා ඇත්තේ තමන් බැංකු නිලධාරියෙකු බවත් තනිකඩයකු වන තමන් සෙල්ලක්‌කාර ජීවිතයකට ඉමහත් කැමැත්තක්‌ දක්‌වන බවත්ය. 


එක්‌ දිනක්‌ තුළ ත්‍රීවීල් රථ රියෑදුරා සමඟ දැඩි හිතවත්කමක්‌ ගොඩනඟා ගන්නා පොලිස්‌ කොස්‌තාපල්වරයා එදින බියගමින් නැවත පිටවී එන්නේ සිය දුරකථන අංකයද ත්‍රීවීල් රථ රියෑදුරා වෙත ලබා දීමෙන් අනතුරුවය. ඉන් අනතුරුව ගතව යන්නේ දින තුනකි. දිනක්‌ ත්‍රීවීල් රථ රියෑදුරා වෙත දුරකථන ඇමැතුමක්‌ ලබා ගන්නා පොලිස්‌ කොස්‌තාපල්වරයා ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව ත්‍රීවීල් රථ රියෑදුරාගෙන් විමසා ඇත්තේ තරමක වෙනස්‌ ආකාරයේ පැනයකි. එහිදී බැංකු නිලධාරියකු ලෙස පෙනි සිටින පොලිස්‌ කොස්‌තාපල්වරයා තමන් අඩු වයසින් යුත් තරුණියක්‌ සමඟ නිදහසේ සිටීමට කැමැත්තක්‌ දක්‌වන බව ත්‍රිරෝද රථ රියෑදුරා වෙත පවසා ඇත.

ඒ වනවිටත් තමන් පොලිස්‌ උගුලට කොටුවී ඇති බව නොදත් ත්‍රීවීල් රථ රියෑදුරා තමන් විසින් අලුත හඳුනාගත් “බැංකු මිතුරාගේ” ආශාවන් සන්සිඳවීම පිණිස ඉදිරිපත්ව ඇත්තේ එතැන් සිටය. ඉන් මඳ වේලාවකට පසුව බැංකු නිලධාරියකු ලෙස රංගනයේ යෙදෙන පොලිස්‌ කොස්‌තාපල්වරයා අමතා ඇති ත්‍රීවීල් රථ රියෑදුරා විසින් පෙරළා ප්‍රශ්න කර ඇත්තේ ඔහුට අවශ්‍යව ඇත්තේ වයස කීයක එකක්‌ද යනුවෙන්ය. එම සංවාදයෙන් අනතුරුව අවුරුදු 16 ක්‌ වයසැති තරුණියක්‌ සිය මිතුරාගේ “ගොදුර” පිණිසත්. මිතුරාගේ තවත් මිතුරකු පිණිස වයස අවුරුදු 35 ක්‌ යෑයි සඳහන් කරමින් තවත් කාන්තාවක්‌වත් ලබාදීමට ත්‍රීවීල් රථ රියෑදුරා එකඟව ඇත්තේ ඒ සඳහා වන මිල ගණන්ද කථාබහ කර ගැනීමෙන් අනතුරුවය. 


ඒ අනුව වයස අවු. 16 ක්‌ වන තරුණිය සඳහා රුපියල් 15000 ක්‌ සහ අනෙක්‌ තැනැත්තිය වෙනුවෙන් රු. 3000/- ක්‌ ගෙවීම පිට එදිනද දුරකථන සංවාදය නිමාවට පත්වන්නේය. ඒ අනුව ඉකුත් 04 වැනිදා බියගම ප්‍රදේශය බලා යන පොලිස්‌ කොස්‌තාපල්වරයා ඇතුළු තවත් නිලධාරීන් පිරිසක්‌ සිය වැටලීම ආරම්භ කර ඇත්තේ ත්‍රීවීල් රථ රියෑදුරා සමඟ මෙම ජංගම ගණිකා ජාවාරමේ නියුතු අනෙක්‌ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ අරමුණෙන්ය. බියගම ප්‍රදේශයේ එක්‌තරා තැනකට යන පොලිස්‌ නිලධාරීන් අදාළ ත්‍රිරෝද රථ රියෑදුරා දුරකථන මාර්ගයෙන් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් එහි පැමිණි බවත් ‘ගනුදෙනුකාරියන්’ දෙදෙනා රැගෙන එම ස්‌ථානයට හැකි ඉක්‌මනින් පැමිණෙන ලෙසත්ය. 

ඒ අනුව විනාඩි 15 ක තරම් කාලයක්‌ ඇතුළත “ගොදුරු දෙක” රැගත් ත්‍රිරෝද රථ රියෑදුරා බියගමට පැමිණෙන අතර එක්‌තරා ස්‌ථානයක ත්‍රීවීල් රථය නතර කරන ඔවුන් තමන් විසින් රැගෙන ආ ‘ගොදුර’ බැංකු මිතුරන්ට දැක ගැනීමට සලස්‌වා ඇත. ඉන් අනතුරුව ත්‍රීවීල් රථ රියෑදුරා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රදේශයේ තමන් දන්නා හඳුනන ලැඟුම්හල් රැසක්‌ ඇති බවත් ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොකර එවැනි තැනක ඕනෑම වේලාවක්‌ රිසි සේ විසීමට හැකියාව පවතින බවත්ය.

පොලිස්‌ සැලසුම නිසි පරිදි ක්‍රියාත්මක වී ඇති බව තේරුම්ගත් බැංකු නිලධාරියකු ලෙස පෙනී සිටි කොස්‌තාපල්වරයා විසින් ලබා දුන් සංඥාවක්‌ අනුව ක්‍රියාත්මක වන අවට රැකවල් කරමින් සිටි පොලිස්‌ කණ්‌ඩායම වහාම ක්‍රියාත්මකව ත්‍රිරෝද රථ රියෑදුරා හා 16 හැවිරිදි තරුණිය ඇතුළු අනෙක්‌ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් අනතුරුවය. ෙ€දවාචකයේ තරම හෙළිදරව් වන්නට ගන්නේ පොලිසිය විසින් ඔවුන්ගෙන් වැඩිදුරටත් තොරතුරු විමසීමත් සමඟය. ඒ වනවිටත් අත්අඩංගුවට පත් 16 හැවිරිදි යුවතිය කාමාතුර සල්ලාලයන්ගේ ආශාවන් සංසිඳවීම පිණිස අවස්‌ථා ගණනාවකදී රු. 15,000 වැනි මුදලට අලෙවි කොට තිබී ඇති අතර එම මුදලින් රු. 10000 ක්‌ ත්‍රිරෝද රථ රියෑදුරා විසින් ලබාගෙන ඇත. 


එතැනින් නතර නොවන රියෑදුරා සමඟද ඇයට යහන්ගතවීමට සිදුව ඇත්තේ කලගුණ සැලකීම පිණිසය. ඉකුත් වසර අ. පො. ස. සා. පෙළ සඳහා පෙනී සිටි ඇති මෙම තරුණියගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇති තවත් කරුණක්‌ වන්නේ ඇය සල්ලාලයන් සමඟ යහන්ගතවී ඇත්තේ ඇඳුම් පැළඳුම් ලබා ගැනීමට මුදල් ඉපයීම පිණිස බවය. පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ මැදිහත්වීම මත බියගමදී අත්අඩංගුවට ගත් ජංගම ගණිකා ජාවාරම හරහා කරලියට පැමිණෙන්නේ රටම අත්විඳිමින් සිටින සමාජ ඛෙදවාචකයක එක්‌ ජවනිකාවක්‌ පමණය.

16 හැවිරිදි තරුණිය ඇය පවසන ආකාරයට ඇගේ සිරුර සල්ලායන් වෙත විකුණනු ලබන්නේ ඇඳුම් පැළඳුම් ගැනීම පිණිසය. එසේත් නැත්නම් මාල අරුංගල් කනකරලෑම පිණිසය. ඇයට අම්මා කෙනෙකුන් වුවද ඇයගෙන් සිය දියණිය ගිලිහී යන්නේ ඇගේ වරදින්ද, දියණියගේ වරදින්දැයි මෙරට සියලු අම්මාවරුන්, දියණිවරුන් මේ සිදුවීම හරහා බරපතළ ලෙස සිතා බැලීමක්‌ කළ යුතුය. එසේ නොවන්නේ නම් කුමන උපාය උපක්‍රම මගින් හෝ හෙට දවසේ තවත් දැයේ දියණිවරුන් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන අතර නොදැනුවත්ව හෝ ඇය ඔබගේ හෝ වෙනත් කෙනෙකුගේ දියණියක්‌ නොවිය හැකි යෑයි කිසිවෙකුට කිව නොහැකි වී ඇත්තේ සමාජය එතරම්ම අධම තත්ත්වයට මේ වනවීටත් පත්ව ඇති බැවින්ය. 

දෙමාපිය රැකවරණයේ පසුවිය යුතු දියණියක්‌ ඔවුන්ගෙන් මිදී මුදල් ඉපැයීම පිණිස අධමයන් ඉදිරියේ සිය ඇඟ මස දන්දීම තුළ පෙනී යන්නේ ඉදිරියේදී තව තවත් මෙවැනි ෙ€දවාචක ඇතිවිය හැකි යෑයි යන පණිවුඩය විය හැකි යෑයි නොසිතා සිටිය නොහැකිය. මෙම වැටලීම සඳහා පානදුර දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස්‌ පිට උ. පො. ප. සම්පත්, පො. සැ. (28176), ජයලත්, පො. කො. (428), ජයලාල්, පො. කො. (61659( අසංක, පො. කො. 79548), ආරියසිංහ, පො. කො. (37664) රංගන, පො. කො. රි. (11919) අජිත් යන නිලධාරීන් සහභාගි විය.

රුවන් ජයවර්ධන
(දිවයින – 2017-08-13)

No comments:

Post a Comment

Post Bottom Ad