එළඹෙන සිකුරාදා පාසල්වල වෙනසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

එළඹෙන සිකුරාදා පාසල්වල වෙනසක්

එළඹෙන සිකුරාදා සිට තෙදිනක් පුරා පාසල් පිරිසිදු කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, එළඹෙන සිකුරාදා දිනයේ පාසල් අධ්‍යන කටයුතු නොපවත්වන ලෙසටත් ඒ වෙනුවට දරුවන්, දෙමාපියන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයින් ඇතුලු පාසල් ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් පාසල හා අවට පරිශ්‍ර පිරිසිදු කළ යුතු වනවා.

සිකුරාදා දිනයේ පාසලට පැමිණෙන විට නිල ඇඳුම හෝ ඒ වෙනුවට ශ්‍රමදාන කටයුතු සඳහා උචිත ආකාරයේ විනීත ඇඳුමකින් දරුවන්ට පාසල වෙත පැමිනීමට ද අවසර ලබා දී තිබෙනවා. සෙනසුරාදා, ඉරිදා දිනයන්හීදී ද පාසල් ආශ්‍රිතව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන අතර සියලුම රාජ්‍ය ආයතන වලද එම දෙදින තුළ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad