සෞදි රජ පවුලට අයත් සෞද් කුමරු ජනපති හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

සෞදි රජ පවුලට අයත් සෞද් කුමරු ජනපති හමුවෙයි

සෞදි රජ පවුලට අයත් අබ්දුල් අසීස් අල් සෞද් කුමරු අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. 

ශ්‍රී ලංකාවේ ආර්ථීක සංවර්ධනය පිළිබද මෙහිදී සිය ප්‍රසාදය පළකළ අබ්දුල් අසීස් අල් සෞද් කුමරු  ශ්‍රී ලංකාවේ වෙළෙද සහ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබද  ප්‍රමුඛ අවධානයක් යොමු කරන බව ද කියා සිටියේය.

ව්‍යාපාරිකයින් පිරිසක් සමග එරටට පැමිණෙන ලෙස ද ජනාධිපතිතුමා වෙත ඔහු ආරාධනා කළේය. ශ්‍රී ලාංකිකයින් හාරලක්ෂයක් පමණ මේ වන විට සෞදි අරාබියේ සේවය කරති.

No comments:

Post a Comment

Post Bottom Ad