සාගල පොලිස්පතිට නියෝග කරයි - හදිසි වාර්තාවක් කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 23, 2017

සාගල පොලිස්පතිට නියෝග කරයි - හදිසි වාර්තාවක් කැඳවයි

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු ලෙස කටයුතු කරන රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධිය සහ එම අවස්ථාවේ පොලීසිය විසින් අනුගමනය කළ ක්‍රමවේදය පිළිබඳ නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා වාර්තාවක් කැඳවා තිබේ.

ඒ අනුව ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස තමන් මේ වන විටත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කර ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි. නිවේදනයක් නිකුත් කරමින් නීතිය, සාමය  සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
එම නිවේදනය පහත පහතින් දැක්වේ,

2017.07.22
ප්‍රවෘත්ති නිවේදනය

2017.06.21 වන දින සෞඛ්‍ය අමාත්‍යංශයේ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපල වලට හානි කිරීමට අදාළව, පොදු දේපල පනත යටතේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී/16250/17 දරණ නඩුවේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවෙකු මෙන්ම කොටුව ම.උ.නඩු අංක  B 3049/16 දරණ නඩුවේ වරෙන්තු නිකුත් වී සිටින සැකකරුවෙකු වන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු වන රයන් ජයලත් ශිෂ්‍යා 2017.07.20 වන දින අත්අඩංගුවට ගැනීමට යාමේ සිද්ධිය පිළිබඳව සහ එම අවස්ථාවේදී පොලීසිය විසින් අනුගමනය කළ ක්‍රමවේදයන් පිළිබඳව පරීක්ෂණයක් සිදුකර වහාම මා වෙත වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මේ වනවිටත් මා නියෝග කර තිබෙනවා.

මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වූ පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ නිවේදන අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කිරීමටද බලාපොරොත්තු වෙමි.

සාගල රත්නායක (පා.ම)
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

No comments:

Post a Comment

Post Bottom Ad