තරුණයෙකුට මරු කැඳවූ හංවැල්ලේ ග්‍රීස් යකා කොටුවූ මොහොත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

තරුණයෙකුට මරු කැඳවූ හංවැල්ලේ ග්‍රීස් යකා කොටුවූ මොහොත

පසුගිය කාලයේ හංවැල්ල සහ නවගමුව ප්‍රදේශ කිහිපයක කාන්තාවන්ගේ අඟපසඟ අතගාමින් රාත්‍රී කාලයේ සැරිසැරූ බවට වාර්තා පළවූ ග්‍රීස් යකා අල්ලාගන්නට ගම්වාසීන් සමත්ව තිබේ.

ග්‍රීස් යකා පෙරේදා (16දා) රාත්‍රියේදී  ප්‍රදේශයේ සැරිසරන බවට ප්‍රදේශවාසීන්ට සැලවී මෙහෙයුමක් ආරම්භ කර තිබූ අවස්ථාවේදී ගමේ තරුණයකු අවාසනාවන්ත ලෙස ජල ව්‍යාපෘතියක තිබූ ළිඳකට වැටී මියගොස්ද තිබුණි. ග්‍රීස් යකා ඇල්ලීමට ගිය 27 හැවිරිදි  බටවල ප්‍රදේශයේ පදිංචිව සිටි අමිත් ප්‍රියංකර නමැත්තකු එසේ මියගිය අතර  සති තුනක පමණ කාලයක සිට පනාගොඩ, වැලිපිල්ලෑව, ජල්තර, ලෙනගල යන ප්‍රදේශවල සැරිසැරූ ග්‍රීස් යකා වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේදී අල්ලාගන්නට පසුව ප්‍රෙද්ශවාසීන් සමත්ව ඇත. 


ඔහුව ගසක බැඳ වැල්ලවාය පොලිසියට භාරදී තිබුණි. ප්‍රදේශවාසීන් පැවසුවේ අදාල පුද්ගලයා විසින් ජනෙල්වලින් හා නාන ස්ථානවල කාන්තාවන් සිටින අයුරු බලා සිටි බවයි. බලපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා වරද පිළිගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad