විජයකලා මන්ත්‍රීනිය කැඩුණු සිංහලෙන් මැසිවිලි නගද්දී පාර්ලිමේන්තුවේ සිනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

විජයකලා මන්ත්‍රීනිය කැඩුණු සිංහලෙන් මැසිවිලි නගද්දී පාර්ලිමේන්තුවේ සිනා

‘අයියෝ මට මයික් දාල තියනවා. ඕගොල්ලන් සෙල්ලම් කරනවා ‘

විජයකලා මන්ත්‍රීනිය කැඩුණු සිංහලෙන් මැසිවිලි නගද්දී පාර්ලිමේන්තුවේ සිනා

 
පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය ඊයේ පාර්ලිමේන්තුවේ ඇගේ කතාවක් අරඹන්නට සූදානම් වෙද්දී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇයට බාධා කරමින් නව ව්‍යාවස්ථාව සම්බන්ධ වෙනත් කාරණාවක් ගැන සභාවට බැණ වදිමින් සිටියේය. ඔහුගේ බාධාව නිසා මිනිත්තු ගනණාවක්

යනතුරු ඇයට කථාව අරඹන්නට බැරිව ගිය අතර ඇය කැඩුණු සිංහලෙන් ඇයට වූ බාධාව ගැන කියා සිටියේ පාර්ලිමේන්තුවේදී ප්‍රථම වරටය. ‘අපිට කථාකරන්න දෙන්නකො..මම කතා කළාට පස්සෙ කතා කරන්න..වාඩිවෙන්න.. මේ දිනේස් ගුණවර්ධන මන්ත්‍රී තුමා අපිට වේලාව දෙන්න...අයියෝ කථා කරන්න.. අයියෝ මට මයික් දාල තියනවා. ඕගොල්ලන් සෙල්ලම් කරනවා පාර්ලිමන්ට් ඇවිල්ල..

අපි කොච්චර දුකෙන් ඇවිල්ල ඉන්නවද මෙතන පාර්ලිමන්ට් එකේ කතා කරන්න.. මේ අද මේ සම්බන්ධයෙන් නෙමේනේ.. හැමදාම ජාතිවාදය අවුස්සනවා.. එළියට අවුස්සනවා ඇතුළට අවුස්සනවා...පිස්සු කතා..‘ විජයකලා මන්ත්‍රීනිය සිංහලෙන් කතා කරනු අසා කලකට පසු පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ඇතුළු පිරිස් සිනහසුණ බවද වාර්තා විය.

පහත පළවන්නේ ඇය සිංහලෙන් කථා කළ හැටිය.



No comments:

Post a Comment

Post Bottom Ad