"සයිටම් රජයට පවරා ගන්නේ නැහැ“ රාජිත දැන් කියන කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 14, 2017

"සයිටම් රජයට පවරා ගන්නේ නැහැ“ රාජිත දැන් කියන කතාව

සයිටම් හෙවත් මාල‍ඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා නොගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. නමුත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දූ රෝහල රජයට පවරා ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සදූදා (17) සිදූ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

නවීන වෛද්‍ය තාක්ෂණ උපකරණවලින් යුත් මාළඹේ නෙවිල් ප්‍රනාන්දූ රෝහල අක්කර 05ක භූමිභාගයක හරිත සංකල්පයක් අනුව ගොඩනගා ඇත. වර්ග අඩි 180600 කින් යුක්ත මහල් 04 කින් යුත් ගොඩනැගිල්ලක් සහ මහල් 08 ක ගොඩනැගිලි දෙකකින් රෝහල සමන්විත වෙයි. 

ශික්ෂණ රෝහලක තිබිය යුතු අතිනවීනතම වෛද්‍ය සේවා සහ සායනික පහසුකම් වලින් මෙම රෝහල පරිපූර්ණය. රජයට බාරදෙන මෙම රෝහල සෘඡුවම කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රීක්කයේ මෙන්ම දකුණු පළාතේ ජනතාවට සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථානයක් බවට ද පත්වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad