ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් මැතිණිය සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් මැතිණිය සමුගනී

ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥෙයකුවූ ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් මැතිණිය සෙනසුරාදා අභාවප්‍රාප්ත වූවාය. ඇය මිය යන විට 88 වියේ පසුවිය. 1957 ගාල්ල සංඝමිත්තා බාලිකා විදයාලයේ විදුහල්පතිනියවූ ඇය 1970 දක්වා එම විදුහල ගොඩනැංවීමට සුවිශේෂ දායකත්වයක් දැරුවාය. ළමා මනෝ විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති ඇය ඒ සම්බන්ධ පොත පතද රචනා කළ අයෙකි.

ලංකාවේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාතයංශයේ තනතුරු ගණනාවක්ද දැරූ ඇය ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කළාය.දේහය 64/7, නාවල පාර, නුගේගොඩ නිවසේ තකැන්පත් කර ඇති අතර ජූලි මස 18 වෙනි අඟහරුවාදා අවසන් කටයුතු සිදු කරන්නට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad