ආණ්ඩුව හැදුවේ එජාප අපයි.. ශ‍්‍රීලනිපය බලෙන් ආණ්ඩුවේ එල්ලුනා..

වත්මන් ආණ්ඩුව හැදුවේ එක්සත් ජාතික පක්‍ෂය බවත් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද ආණ්ඩුවේ එල්ලුණු බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ගිය මැතිවරණයේදී ආසන 107ක් හිමිවූ එජාපයට තවත් මන්ත‍්‍රීවරුන් හයක් එක්කරගෙන ආණ්ඩුවක් පිහිටවීමේ හැකියාව තිබූ බවයි. ශ‍්‍රීලනිපය කවදා ආණ්ඩුවෙන් යන්නේදැයි තමන් දන්නේ නැති බවත් ආණ්ඩුවෙන් යන වෙලාව දන්නේ ඔවුන්ම බවද වැඩි දුරටත් පැවසීය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment