නීති විරෝධීව ඩෙල්ෆ් දූපතට ඉන්දීය ධීවරයන් 8 දෙනෙකු අල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

නීති විරෝධීව ඩෙල්ෆ් දූපතට ඉන්දීය ධීවරයන් 8 දෙනෙකු අල්ලයි

යාපනය ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේදී තහනම් ක්‍රමයක් මඟින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ යාත්‍රා 2 ක් ඊයේ (05) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි.

ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයට නාවික සැතපුම් 15ක් සහ කොවිලම් තුඩුවට වයඹ දෙසින් වු මුහුදු ප්‍රදේශයට නාවික සැතපුම් 7.5 ක් පමණ දුරකදී එම ධිවරයින් අත්අඩංගුවට ගෙන ඇති අතර මුහුදු පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් ඔවුන් මසුන් අල්ලා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

දෛනික මුර සංචාරයෙහි යෙදි සිටි උතුරු නාවික විධානයට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා මඟින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ධීවරයින් යාපනය ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දී ඇති බවත් වාර්තා වේ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad