සියලු රජයේ පාසල්වල 28 වනදා ඩෙංගු ශ්‍රමදාන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 23, 2017

සියලු රජයේ පාසල්වල 28 වනදා ඩෙංගු ශ්‍රමදාන

දිවයිනේ සියලුම රජයේ පාසල් ලබන 28 වන සිකුරාදා අධ්‍යාපන කටයුතු නතර කර ඩෙංගු ශ්‍රමදානයක නියැළිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශ චක්‍ර ලේඛනයකින් දන්වා ඇත. ඒ අනුව එදිනට පාසල් පැමිණීමේදී පහසු සැහැල්ලු ඇඳුම් ඇඳීමට අවසර දෙමින් නිල ඇඳුම අවශ්‍ය නැති බවද දන්වා ඇත. ගුරු භවතුන්ටද පහසු ඇඳුම් අඳින්නට අවසර දී ඇත. 

මෙම ශ්‍රමදානයට පාසල්වල ආදි සිසුන්ටද එක්වනීමට අවසර දී තිබේ. පාසල් වල ශ්‍රමදාන කටයුතු 28 දා සිදු කළ පසු 29 හා 30 වනදා සෞඛ්‍ය අංශ අධීක්ෂණය හා දුම් ැගසීමේ කටයුතු සිදු කර සියලු පාසල් පවිත්‍ර කලාප ලෙස සහතික කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad