සිද්ධිය වසන් කරන්න කියලා රුපියල් 100ක් දීලා -උදෑසනම පාසල් ආපු සිසුවියට පාසල තුළදීම වූ අකරතැබ්බය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

සිද්ධිය වසන් කරන්න කියලා රුපියල් 100ක් දීලා -උදෑසනම පාසල් ආපු සිසුවියට පාසල තුළදීම වූ අකරතැබ්බය

ගිනිගත්හේන පොලිස් බලප්‍රදේශයට අයත් පාසලක ඉගෙනු ලබන සිසුවියකට පාසල තුළදීම අතවර කරන ලද බව කියන එම පාසලේම ගුරුවරියකගේ සැමියකු ගිනිගත්හේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දිනයක උදෑසනම පාසලට පැමිණි සිසුවියක් පාසැල් ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා යතුරු ගෙන ඒමට පාසලේ ගුරු නිවාසයට ගොස් තිබෙනවා. 

එම විදුහලේ සේවය කරන ගුරුවරියක් ගුරු නිවසේ තම සැමියා හා දරු දෙදෙනෙකු සමගින් නතර වී සිටි ඇති අතර එහිදී ගුරුවරියගේ සැමියා සිසුවියට පාසැල් ගොඩනැගිල්ලේ යතුර ලබා දී තිබෙනවා. සිසුවිය ගුරු නිවසෙන් යතුර රැගෙන විත් පාසැල් ගොඩනැගිල්ල විවෘත කර එය ඉදිරිපිට මිදුල ඇතුගෑමට පටන් ගෙන ඇති අතර ඒ වනවිට වෙනත් සිසුන් පාසලට පැමිණ සිට නැත.

එම අවස්ථාවේ ගුරු නිවසේ සිටින ගුරුවරියගේ සැමියා පැමිණ සිසුවියගේ උරහිස් දෙකෙන් අල්ලා පංතියක් තුළ තල්ලු කරගෙන ගොස් ඇයට අතවර කර තිබෙනවා. පසුව ඔහු එම සිද්ධිය කිසිවෙකුට නොකියන ලෙස ඉල්ලා රුපියල් සියයක් දී ඇති නමුත් සිසුවිය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුව එම සිසුවිය අදාළ සිදුවීම පිළිබඳ පන්තියේ තමන්ගේ යෙහෙළියන්ට කියා ඇති අතර, ඔවුන් පන්තියේ ගුරුතුමියට ඒ බව පවසා තිබෙනවා.

ඇය විදුහල්පතිවරයාට ඒ පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad