ඥානසාර හිමියන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජාතීන් අතර සුහදතාව කඩාකප්පල්කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය මගින් කිසිදු විධිමත් පරීක්ෂණයක් නොපවත්වා තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව උන්වහන්සේ තම පෙත්සමෙන් පෙන්වාදී තිබේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්   ලෙස සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසයේ ස්ථානාධිපති, නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

මේ අනුව නිසි පරීක්ෂණයක් පවත්වා අවසන් වන තුරු හෝ නීතිපති උපදෙස් ලැබෙනතුරු තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඥානසාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment