ශ්‍රී ලංකාව දෙකඩ කරන්නැයි ජිනීවා සමුළුවට යෝජනා කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

ශ්‍රී ලංකාව දෙකඩ කරන්නැයි ජිනීවා සමුළුවට යෝජනා කෙරේ..

ශ්‍රී ලංකාව දෙකඩ කර ද්‍රවිඩයන්ට ස්‌වයං පාලනයක්‌ ලබාදීම සඳහා සාකච්ඡාවක්‌ ආරම්භ කරන ලෙස කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ ටැමිල් උසාගම් නමැති සංවිධානය ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යෝජනා කර ඇත. 

ශ්‍රී ලංකාව තුළ ස්‌වයංපාලනය ස්‌ථාපිත කිරීමේ යෝජනාව මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූයේ ප්‍රථම වරටය. ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් එකී සංවිධානයේ නියෝජිතයා මේ යෝජනාව ඉදිරිපත් කළ අවස්‌ථාවේ ඊට ප්‍රතිචාර දැක්‌වීමට ශ්‍රී ලංකා රජයේ නියෝජිතයකු ඉදිරිපත් වූයේ නැත. ස්‌වයංපාලනය තුළින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට දේශපාලන අයිතීන්, සිවිල් හිමිකම් සහ සමාජයීය අයිතිය ලබාදිය යුතු බවද දන්වා ඇත.

මෙම බෙදුම්වාදී යෝජනාවට කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ එස්‌. ඩී. සී. ඊ. නමැති ඩයස්‌පෝරා සංවිධානය ද සහාය දක්‌වා තිබේ. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය තුළින් ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනය අහිමි වී ඇති බවද මෙම ඩයස්‌පෝරා සංවිධාන මානව හිමිකම් සමුළුව අමතමින් ප්‍රකාශ කර ඇත.

– දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad