ඇමතිව විවේඡනය කළ මාලිංග හදිස්සියේ ක්‍රිකට් ආයතනයට කැඳවයි:තරඟ තහනමක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

ඇමතිව විවේඡනය කළ මාලිංග හදිස්සියේ ක්‍රිකට් ආයතනයට කැඳවයි:තරඟ තහනමක්?

සුපිරි වේගපන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගට අද උදෑසන 10ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙන බව වාර්තා වනවා. ඒ ඔහු විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන්  සම්බන්ධයෙන් අදහස් විමසීමටයි.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඔහුට විනය පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙන බවට වාර්තා වෙනවා. මෙම විනය පරීක්ෂනයෙන් අනතුරුව බොහෝ දුරට මාලිංග හට තරඟ තහනමක් හෝ ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව දැඩි තීරණයක් ගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇති බවයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර පසුගියදා දැඩිව විවේඡනය කළ අතර ලසිත් මාලිංග පසුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම ප්‍ර‍කාශයන් විවේඡනය කර තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad