පොදු වැසිකිලියක් කඩා බලෙන් ඉඩම අත්පත් කර ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

පොදු වැසිකිලියක් කඩා බලෙන් ඉඩම අත්පත් කර ගනී

නුවරඑළිය ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වූ තලවකැලේ ලිදුල නාගසේන නගර මධ්‍යයේ තිබූ පොදු වැසිකිලි පද්ධතිය කිසියම් පිරිසක් විසින් මීට දින කිහිපයකට ඉහතදී කඩා දමා තිබීමේ සිද්ධියක් වාර්තා වේ.

මාස කිහිපයක සිට නුවරඑළිය ප්‍රාදේශීය සභාව මඟින් මෙම වැසිකිලි පද්ධතිය නඩත්තු නොකිරීම හා එම ගොඩනැගිල්ල කඩා දමා එම ඉඩම අත්පත් කර ගැනීමට මෙම ක්‍රියාව සිදු කර ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

තවද මෙම පොදු වැසිකිලි පද්ධතිය නාගසේන නගරයට ආසන්නයේ තිබෙන දමිල පාසලේ සිසු සිසුවියන්ද භාවිත කරන බව වාර්තා වේ. මේ පිළිබඳව නුවරඑළිය ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැනුම් දී ඇතත් ඒ පිළිබඳව තවම කිසිදු පියවරක් ගෙන නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

(හැටන් - රංජිත්)

No comments:

Post a Comment

Post Bottom Ad