ඔස්ටේ‍්‍රලියාවේ සිට චීනයට ගිය ගුවන් යානයක සිදුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

ඔස්ටේ‍්‍රලියාවේ සිට චීනයට ගිය ගුවන් යානයක සිදුරක්

චීනයට අයත් ගුවන් යානයක් ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි ගුවන් තොටුපලට හදිසියේ ගොඩ බස්වා තිබෙනවා. ඒ යානයේ එන්ජිමෙහි ඇති වූ දෝශයක් හේතුවෙන්.

පසුව කළ පරීක්ෂණයක දී අනාවරණ වී ඇත්තේ ඇන්ජිමෙහි වම් පසට වන්නට සිදුරක් හට ගෙන ඇති බවයි. ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්සවීම හේතුවෙන් කිසිදු අනතුරක් සිදුව නොමැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිඞ්නි නුවර සිට ෂැංහයි බලා පියාසර කිරීමට නියමිතව තිබූ ඒ 330 වර්ගයේ ගුවන් යානයකුයි මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ.

No comments:

Post a Comment

Post Bottom Ad