එක තරඟාවලියකින් සියල්ල වෙනස් වුනේ මෙහෙමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

එක තරඟාවලියකින් සියල්ල වෙනස් වුනේ මෙහෙමයි

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවසානවීමත් සමග ඊයේ (18) දිනයේදීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව විශාල වෙනසක් දක්නට ලැබුණා.

ඒ ප්‍රබල කණ්ඩායම් කිහිපයක තත්ත්වය උඩ යට මාරුවීමයි. ඊයේ (18) දිනයට පෙර දෙවැනි ස්ථානයේ හිටපු ප්‍රබල ඉන්දීය කණ්ඩායම තෙවැනි ස්ථානය දක්වා පසුබැස්සේ අවසන් මහා තරගයේ පරාජයත් සමගයි. ශූරයන්ගේ කුසලානයේ ශූරතාවලිය දිනාගැනීමට පෙර 7වැනි ස්ථානයේ හිටපු පකිස්ථානය අද වන විට 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ඊයේ (18) දිනට ප්‍රථම තෙවන ස්ථානයේ හිටපු ඕස්ට්‍රේලියානුවන් දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණයා. ඒ වගේම 6 වැනි ස්ථානයේ හිටපු බංග්ලාදේශය 7 වැනි ස්ථානය දක්වා පහතට වැටී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ සිටින්නේ 8 වැනි ස්ථානයේ.

———————————————————————————————————-
———————————————————————————————————-

No comments:

Post a Comment

Post Bottom Ad