මෛත්‍රී හදිස්සියේම මීගමුව රෝහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 28, 2017

මෛත්‍රී හදිස්සියේම මීගමුව රෝහලට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීගමුව දිස්ත්‍රික් රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති බව වාර්තා වේ. අද (28) පෙරවරුවේ එම රෝහලට ගිය ජනාධිපතිවරයා රෝහල් කටයුතු පිළිබඳව සොයා බලා ඩෙංගු විශේෂ ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥ  වෛද්‍යවරයා සමඟ ද සාකච්ඡාවක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මීගමුව සහ අවට ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් දැනට රෝහලේ ඩෙංගු වාට්ටු සංකීර්ණයේ අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
රෝහලේ අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳවද සොයා බැලූ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad