ඩෙංගු රෝගීන් 63987 ක් - ඩෙංගු නැසීමට ඕස්ට්‍රේලියාවෙන් බැක්ටීරියාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

ඩෙංගු රෝගීන් 63987 ක් - ඩෙංගු නැසීමට ඕස්ට්‍රේලියාවෙන් බැක්ටීරියාවක්

ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා ඕස්ට්‍රේලියාව සොයාගෙන ඇති නව බැක්ටීරියාව ශ්‍රී ලංකාවේ ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එම බැක්ටීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමේ හැකියාවක් ඇති අතර, එය දැනට වියට්නාමය, ඉන්දුනිසියාව වැනි රටවල අත්හදා බලා ඇත. මෙම බැක්ටීරියාව කෘෂිකර්ම කටයුතුවලට ද යොදා ගනු ලබන බව ඒ පිළිබද පර්යේෂණ කළ ඕස්ට්‍රෙිලියාවේ මොනැෂ් විශ්ව විද්‍යාලය සදහන් කරයි. 

ශ්‍රී ලංකාවේ මෙම පරීක්ෂණ ආරම්භ කිරිමට එම විශ්ව විද්‍යාලය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටීරියාව ඇතුල් කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක හසිත තිසේරා මහතා සදහන් කරයි. මේ පිළිබද සාකච්ඡා කිරිම සදහා ලබන මස ඕස්ට්‍රෙිලියාවෙි විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිමට ද නියමිතය. 

නව තාක්ෂණය ක්‍රියාත්මක කිරිම තුළින් ඩෙංගු මදුරු මර්දන කටයුතු කඩිනම් කිරීම ඉතා වැදගත් බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. මේ අතර 2017 වර්ෂයේ ගත වූ මාස 06 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්  63987 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ. ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 42.62%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ  20 වන සතිය තුළදීය.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad