ටී සහ ප්ලේන්ටි මිල රු 5 න් වැඩිවේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

ටී සහ ප්ලේන්ටි මිල රු 5 න් වැඩිවේ..

මේ මස 8 වැනි දින සිට තේ සහ කිරි තේ කෝප්පයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.රජය විසින් ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 10ක බද්දක් පැනවීම හේතුවෙන් දේශීය වෙළඳපොලේ සීනි මිල ඉහළයාම මෙයට හේතු වී තිබේ.

මෙතෙක් රුපියල් 15ක්ව තිබූ තේ කෝප්පයක් රුපියල් 20කටත් රුපියල් 35ක්ව තිබූ කිරි තේ කෝප්පයක් රුපියල් 40කටත් විකිණීමට තම සංගමය තීරණය කළ බවද ඒ මහතා පැවැසීය. රජය විසින් මේ වන විට සීනි කිලෝවක් සඳහා රුපියල් 30කට ආසන්න බදු මුදලක් ලබා ගන්නා බවත් සහල්වලින් මෙරට ස්වයං පෝෂිත කළ නොහැකි වූ රජයට සීනිවලින් රට ස්වයං පෝෂිත කිරීමට කෙසේවත් නොහැකි බවත් සම්පත් මහතාපවසනවා.


මේ මිල වැඩි කිරීම පාරිභෝගික ජනතාවට දැරීමට අපහසු බව තමන් දන්නා වුවත් ඉහළ යන බඩු මිල හමුවේ තවදුරටත් මිල වැඩි කර නොසිටියහොත් තම ව්‍යාපාර කඩා වැටීමට ලක් විය හැකි බැවින් මේ තීරණය ගත් බවද ඒ මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad