සහන කටයුතු සඳහා ගිය හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 29, 2017

සහන කටයුතු සඳහා ගිය හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි (PHOTOS)

වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් අසරණ වූවන් මුදාගනිමින් සිටි එම්අයි17 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද(29) උදෑසන කඩා වැටී ඇත.

බද්දේගම ඉනිමංකඩ ප්‍රදේශයට මෙම යානය කඩා වැටී ඇති නමුත් කිසිවකුටත් තුවාල වී නැති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළේය. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ අද (29) උදෑසන ආපදා සහන කටයුතු සඳහා ගිය එම්.අයි 17 වර්ගයට අයත් හෙළිකොප්ටර් යානයක් මෙලෙස කඩා වැටී ඇති බව ය.

කෙසේ වෙතත් යානය කඩා වැටීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.








No comments:

Post a Comment

Post Bottom Ad