Exclusive : වැල්ලවත්ත ගොඩනැගිල්ල කඬාවැටීමේ පරීක්ෂණ යට ගසන්න ආණ්ඩුවේ ඉහළම තැනකින් උපදෙස්! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

Exclusive : වැල්ලවත්ත ගොඩනැගිල්ල කඬාවැටීමේ පරීක්ෂණ යට ගසන්න ආණ්ඩුවේ ඉහළම තැනකින් උපදෙස්! (VIDEO)

වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල පිහිටි “ද එක්සලන්සි” උත්සව ශාලාව කඩා වැටීම පිළිබඳ පරීක්ෂණ යට ගැසීම සඳහා ආණ්ඩුවේ ඉහළම පාර්ශවයකින් අදාල අංශ වෙත උපදෙස් ලැබී ඇති බවට අතිශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර තිබේ.

මෙම ගොඩනැගිල්ලේ හිමිකරු වන මුස්ලිම් ජාතිකයා සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයෙකු මෙන්ම ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානියාද වන ඉමිතියාස් බාකීර් මාකර්ගේ සමීපතම හිතවතෙකු වීම නිසා මෙම පරීක්ෂන වලට බලපෑම් එල්ල වී තිබේ.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා බාල අමුද්‍රව්‍ය යොදාගන්නා ලෙස අදාළ ගොඩනගිල්ලේ හිමිකරු තමන් වෙත ප්‍රකාශ කල බව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වල නිරතව සිටින පුද්ගලයෙකු පොලීසියට ප්‍රකාශ කර තිබේ. දැනට එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාතමක වේ. අනතුරෙන් 25 දෙනෙකු තුවාල ලැබූ අතර තවමත් 20 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.



No comments:

Post a Comment

Post Bottom Ad