ඇමති විජේදාස රාජපක්‍ෂ, ඇමති සාගල රත්නායක හරියට රාජකාරි කර නෑ.. වහාම ධුරයන්ගෙන් ඉවත් කරවනවා..- රාජිත පුත් චතුර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 29, 2017

ඇමති විජේදාස රාජපක්‍ෂ, ඇමති සාගල රත්නායක හරියට රාජකාරි කර නෑ.. වහාම ධුරයන්ගෙන් ඉවත් කරවනවා..- රාජිත පුත් චතුර

නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යවරයා වන සාගල රත්නායක මෙන්ම අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් විසින් පසුගිය වසර දෙකහාමරක් තුල තමන්ට ලබාදුන් අමාත්‍ය ධූරයන්ගේ රාජකාරි නිසියාකාරව ඉටු කර නැති බැවින් ජනතාවගේ බලාපොරොත්තු ඉටුනොවි ඇති බැවින් ඔහුන් වහාම ඉවත් කරන ලෙස තමා ජනාධිපතිවරයා මුණ ගැසුන විගස ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න පැවසුවේ යයි ඩේලිමිරර් ඉංග්‍රිසි පුවත්පත වාර්තා කරයි.

මන්ත්‍රීවරයා එහි තව දුරටත් පවසා ඇත්තේ පසුගිය සතියේදී සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් එම ඉවත් කිරීම තමා ඇතුළු රටේ සිවිල් සංවිධානයන් බලාපොරොත්තු වූවත් එය එසේ සිදු නොවීම නිසා ඉදිරි දිනක ජනාධිපතිවරයා මුණගැසුණු වහාම මෙම ඉල්ලිම කොට එම අමාත්‍යවරුන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

යොමුව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad