රවී විදේශ ඇමති ලෙස මාරුව ලැබුණත් ශ්‍රී ලන්කන්, මහපොළ, ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන රැසක වැඩ ලැබේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

රවී විදේශ ඇමති ලෙස මාරුව ලැබුණත් ශ්‍රී ලන්කන්, මහපොළ, ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන රැසක වැඩ ලැබේ


ඊයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනය අනුව හිටපු මුදල් ඇමති රවී කරුණානායක දැන් විදේශ ඇමති ලෙස හඳුන්වනු ලැබූවත් මේ දක්වා විදේශ ඇමතිවරයෙකුගේ විෂය පථයට වෙන් නොකරන ලද ආයතන කිහිපයක් තවදුරටත් ඔහු යටතේ තබන්නට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යංශයට අයත්ව තිබෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය හා ජාත්‍යන්තර
වෙළෙඳ අමාතයංශයට අයත්වූ මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශයට අයත් වැවිලි ක්ෂේත්‍ර ආයතන සියල්ලද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හා සුරැකුම්පත් හා විනිමය කොමිසමද නව විදේශ ඇමති රවී යටතට පත් කරන්නට නියමිතය.

නව විදේශ ඇමතිවරයා ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ආර්ථික දැක්මකින් ඉදිරියට ගෙනයාම සඳහා ජාතික ලේකම් කාර්යාලයක් හා අරමුදලක් අරඹන බවද වාර්තා වෙයි. නව විෂය පථයන් සම්බන්ධ ගැසට් පත්‍රය දින 5 ක් ඇතුළත ප්‍රකාශයට පත් කරන්නට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad