සියදිවි නසාගත් වෛද්‍යවරියගේ සිරුර නුවර එළිය ඩොක්ටර් ක්වාටස් වලදී හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

සියදිවි නසාගත් වෛද්‍යවරියගේ සිරුර නුවර එළිය ඩොක්ටර් ක්වාටස් වලදී හමුවේ


සැකකටයුතු ලෙසින් මියගිය 31 හැවිරිදි වෛද්‍යවරියකගේ මළ සිරුරක් නුවරඑළිය මහ රෝහලේ වෛද්‍ය නිල නිවස්නයක තිබී ඊයේ (23දා) දහවල් හමුවී තිබේ. රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක සේවය කළ ඇය සැමියා සමග පැවති මතභේද නිසා ඔහුගෙන් වෙන්වී වෛද්‍ය නිල නිවසේ කාලයක් තිස්සේ වෙන්ව පදිංචිවී සිටි බව කියැවේ.

ඇගේ දුරකථනයට ප්‍රතිචාර නොමැති බව ඥාතීන් දැනුම් දුන් පසු
ඇය පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී නිර්වින්දන ඖෂධ එන්නත් කරගෙන ඇය සියදිවිනසාගෙන ඇති බව හඳුනාගන්නට හැකිව තිබේ. දිනුෂා හෙට්ටිආරච්චි නමැති 31 හැවිරිදි විවාහක කාන්තාවක වන ඇය පෙර දින රාත්‍රියේ සිට ජංගම දුරකතනයට ප්‍රතිචාර නොදක්වන නිසා සොයා බලන ලෙස ඇගේ මවුපියන් විසින් රෝහලේ වෛද්‍යවරුන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව වෛද්‍යවරුන් දෙදෙනකු එම නිල නිවෙසට ගොස් සොයා බැලීමේදී ඇඳක් මත මියගොස් ඇති සිරුර හමුවිය.

මේ සිරුර අසල ඉන්ජෙක්ෂන් කටු කීපයක්ද දක්නට ලැබුණි. මෙම වෛද්‍යවරිය රෝහලේම සේවයේ නියුතු අධිකරණ වෛද්‍යවරයකු සමඟ විවාහ වි සිටියදී දෙදෙනා අතර ඇති වූ ආරාවුලකින් අනතුරුව දික්කසාද විමට කොළඹ දිසා අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබූ බව නුවරඑළිය
මූලස්ථාන පොලීසිය සදහන් කරයි. ඇය රෝහලේ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයේ කාමරය තුළදී නිර්වින්දන එන්නත  වැඩි මාත්‍රවකින්
එන්නත් කර ගෙන ඇතැයි නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික උදයංග මහතා පැවසීය.

වෛද්‍යවරිය සමග තවත් වෛද්‍යවරියන් තිදෙනෙකුද එම කාමරයේ නේවාසිකව සිටින බව එම තිදෙනා නොසිටි අවස්ථාවක මෙසේ සියදිවි නසා ගෙන ඇතැයිද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය. නුවරඑළිය මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පස්වරුවේ පවත්වා මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු
කිරීමට නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad