ආන්දෝලනාත්මක වීඩියෝව නිසා සනත් පොලිසියට - ළඟ තිබ්බොත් වැඩ වරදී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

ආන්දෝලනාත්මක වීඩියෝව නිසා සනත් පොලිසියට - ළඟ තිබ්බොත් වැඩ වරදී !

සනත් ජයසූරිය සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබඳව රහස් පොලිසියේ පරිගණක අපරාධ අංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ,ඔහු විසින් පෙරේදා පස්වරුවේ කරන ලද පැමිණිල්ලකට අනුවයි. මෙම වීඩියෝව නිකුත් කළ පුද්ගලයන් මෙන්ම ළඟ තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙම වීඩියෝව සමාජ ජාල ඔස්සේ ඇතැමුන් බෙදාහැරී බවට ද වාර්තා පළවෙමින් තිබෙනවා. අසහ්‍ය ප්‍රකාශන  සම්බන්ධව අපේ රටේ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස හැඳින්වෙන අතර  එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා. 


මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad