මහින්දට තර්ජන ආවොත් ජනපති වගකිව යුතුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 6, 2017

මහින්දට තර්ජන ආවොත් ජනපති වගකිව යුතුයි

LTTE සංවිධානයේ පුනරුත්තාපනය නොකරන ලද විශාල පිරිසක් සාමාන්‍ය ජන සමාජයේ සැරිසරන බැවින් එවන් පසුබිමක මහින්ද රාජපක්ෂ මහතාට ජීවිත තර්ජනය එල්ල වුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා විසින් බාරගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන සංසඳයේ ප්‍රධාන සංවිධායක ගුණසිරි ජයනාත් මහතා පවසනවා.

ඊයේ (05) නෙළුම් මාවතේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන සංසඳයේ මාධ්‍ය හමුවට එක් වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. අද වන විට ත්‍රස්ථවාදය අවසන් කරන ලද බුද්ධි අංශ නිලධාරින් පවා අත්අඩංගුවට ගනිමින් සිටින බවත් තිස් වසරක යුද්ධය නිමා කළ  නායකයා වශයෙන් වැඩිම තර්ජනයක් පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතාට බව ද ගුණසිරි මහතා පවසයි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට සිටි ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුවක් ලද ආරක්ෂක භටයින් ඉවත් කිරීම දැඩි ලෙස හෙළා දැකින බවත් වහාම ඔහුට ආරක්ෂාව ලබා නොදෙන්නේ නම් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීන්දු ගන්නා බවත් මෙම සංසඳය ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad