ඇමතිවරයෙකුගේ වාහනයකට වැය වන්නේ සුළු මුදලක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 20, 2017

ඇමතිවරයෙකුගේ වාහනයකට වැය වන්නේ සුළු මුදලක්?

ඇමතිවරයෙකුගේ වාහනයකට වැය වන්නේ සුළු මුදලක්?
රජයේ ඇමතිවරුන්ගේ නිල භාවිතය සඳහා ගෙන්වන වාහන සඳහා වැය වන්නේ එක් වාහනයකට රුපියල් ලක්ෂ 75ක මුදලක් පමණක් වන බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා පවසයි.
එම වාහනයක් සඳහා රුපියල් ලක්ෂ 450ක් වියදම් වන බවට වන සාවද්‍ය මතයක් සමාජගත කර ඇතැයි ද බදු වශයෙන් අය කෙරෙන රුපියල් ලක්ෂ 375ක මුදල භාණ්ඩාගාරයට යැවෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

පසුගිය රජය සමයේදී සිදු කළ ආකාරයට මෙම වාහන සඳහා රජයේ මුදල් අමතරව වැය කිරීමක් සිදු නොකොට අදාළ ඇමතිවරයාගේ අමාත්‍යංශයට සපයා ඇති ප්‍රතිපාදනවලින් වාහනය මිල දී ගැනීම සිදු වන බව ද ගමගේ මහතා පැවසී ය.
ඔහුමේ බව කියා සිටියේ සිරිකොත දී පැවති එජාප මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad