මැතිව්ස්ගේ ඉනිම දිල්ලි කණ්ඩායමේ ජයට ප‍්‍රමාණවත් නොවෙයි(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 20, 2017

මැතිව්ස්ගේ ඉනිම දිල්ලි කණ්ඩායමේ ජයට ප‍්‍රමාණවත් නොවෙයි(VIDEO)

අයි.පී.එල් තරඟාවලියේ ඊයේ (19) පැවති තරඟයෙන් දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම පරදවා ලකුණු 15 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සයිරයිසස් හයිද්‍රාබාද් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 191 ක් රැස් කළා. එහිදී කේන් විලියම්සන් පන්දු 51 ක් තුළ ලකුණු 89 ක් රැස් කළේ 6 පහර 5 ක් සහ 4 පහර 6 ක් සමඟින්. ශිකර් ධවාන් ද පන්දු 50 ක් තුළ ලකුණු 70 ක් රැස් කළා.

අනතුරුව ලකුණු 192 ක ඉලක්කයක් කරා හඹා ගිය දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 176 ක් පමණයි. කලකට පසු පිටියට පිවිසි මැතිව්ස් වේගවත් ඉනිමක් දියත් කරමින් ලකුණු 31 ක් රැස් කරගත්තා. පන්දු 23 කදී මැතිව්ස් තම ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර දෙකක් එල්ලකළා.

No comments:

Post a Comment

Post Bottom Ad