කොළඹ කසළ ප්‍රශ්නෙට මෙහෙයුම් මැදිරියක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

කොළඹ කසළ ප්‍රශ්නෙට මෙහෙයුම් මැදිරියක්‌

කොළඹ හා අවට නගරවල කසළ කළමනාකරණය විධිමත්ව සිදු කිරීම සඳහා විශේෂ කාර්ය සාධන බළකායක්‌ හා මෙහෙයුම් මැදිරියක්‌ පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

කොළඹ නගරයේත්

අවට නගරවලත් අවිධිමත් ලෙස කසළ ගොඩ ගැසී ගැටලු පැන නැඟීම පිළිබඳව සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට පළාත් සභා හා පළාත් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම කාර්ය සාධක බළකායට කසළ කළමනාකරණයට සෘජුවම සම්බන්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පත් කිරීමට නියමිතය. ඒ සමඟ ලැබෙන පැමිණිලි විධිමත්ව සොයා බලා ක්‍රියාමාර්ග ගැනීමට මෙහෙයුම් මැදිරියක්‌ ද පිහිටුවීමට නියමිතය. කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද මෙම බළකාය මගින් සිදු කරනු ලබයි.

(රනිල් ධර්මසේන)

No comments:

Post a Comment

Post Bottom Ad