ඇමති ධූරයෙන් ඉවත් වූ ප්‍රමිත මහින්ද පිලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

ඇමති ධූරයෙන් ඉවත් වූ ප්‍රමිත මහින්ද පිලට

ඇමති ධූරයෙන් ඉවත් වූ ප්‍රමිත මහින්ද පිලට
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණේ මැයි රැලියට සහභාගි වීමට තිරණය කළ බව මධ්‍යම පළාත් ඇමැති ධූරයෙන් ඉවත් වූ පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. රට ගොඩනැගීමට ඇති එකම විසදුම මහින්ද රාඡපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කිරිම බවද මන්ත්‍රිවරයා පැවසී ය.

දුමින්ද දිසානායක තම පියාට සිදුවු අසාධාරණයට නැගි සිටියාක් මෙන් හිරුණිකා තම පියාට වු අසාධාරණය වෙනුවෙන් නැගි සිටියා මෙන් වත්මන් රඡය විසින් තම පියාට සිදු කළ අසාධාරණය වෙනුවෙන් නැගී සිටිමට තමන්ටද හයියක් ඇති බව ප්‍රමිත බණ්ඩාර මහතා පැවසී ය. 

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දිනන දක්ෂ අය පක්ෂයෙන් එළවා දමා පරදින ඡනයා 100යක්වත් එකතු කර ගන්නට බැරි උදවිය තනතුරුවලට දැමීම හාස්‍යඡනක බවත් මගේ පියා සියා වැනි පක්ෂය වෙනුවෙන් ඡිවිතය කැප කළ අය පක්ෂයෙන් එළවා දමන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරිමේ අරමුණින් බව මේ වන විට ඡනතාව තේරුම් ගෙන ඇති බවත් මන්ත්‍රිවරයා වැඩි දුරටත් පැවැසිය.

No comments:

Post a Comment

Post Bottom Ad