රාජිත - චතුර යාපනයේ දී මැයි රැළියක් පවත්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

රාජිත - චතුර යාපනයේ දී මැයි රැළියක් පවත්වයි

රාජිත - චතුර යාපනයේ දී මැයි රැළියක් පවත්වයි
"උතුර දකුණ යා කෙරෙන මනුෂ්‍යත්වයේ මැයි රැළිය" යන තේමාව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය දෙවන වරට සංවිධානය කරන මැයි රැළිය සෞඛ්‍ය" පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මැයි 01 දින පෙරවරු 9.30 ට යාපනය පේදූරුතුඩුව පාරේ සංගිලියන් පුංගා උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙින්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සහ එම ව්‍යාපාරයේ දමිළ නායක පී. විජයකාන්ත් මහතා ද රැළිය ඇමතීමට නියමිතය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ පළමු මැයි රැළිය 2016 වසරේ දී කොළඹ දී පැවැත්විනි.

No comments:

Post a Comment

Post Bottom Ad