පැත්ත ගියත් ඇත්ත කියන හිරුගේ පැත්තක් ගැලවෙයි. ගම්වැසියන්ගෙන් හිරුට විරෝධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

පැත්ත ගියත් ඇත්ත කියන හිරුගේ පැත්තක් ගැලවෙයි. ගම්වැසියන්ගෙන් හිරුට විරෝධය

කුරුණෑගල දේවගිරිය මාතෘ සායන මධ්‍යස්ථානයේ පවුල් සෞඛ්‍ය නිලධාරිණිය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ CIA වැඩසටහනෙන් අපේ්‍රල් 13 වනදා ප්‍රචාරය කළ සාවද්‍ය පුවතක් නිසා එම නිලධාරිණිය දැඩි අපහසුතාවකට සහ අසාධාරණයකට ලක් සිටින බව වාර්තා වනවා.

මාතෘ සායන මධ්‍යස්ථානයේ අලංකරණය සදහා ගැබිණි මව්වරුන්ට මල් පෝච්චි රැගෙන ඒමට එහි පවුල් සෞඛ්‍ය නිලධාරිණිය නීතියක් පනවා තිබෙන බවත්" එම නීතිය කඩකරන මව් වරුන්ට රජයෙන් නොමිලේ ලබා දෙන ත්‍රී පෝෂ පැකට්ටුව ලබා නො
දීමට ඇය කටයුතු කරන බවත් එම වැඩසටහනෙන් චෝදනා කර තිබිණි.

නමුත් මේ පිළිබදව  මාතෘ සායනයට පැමිණෙන මව්වරුන් සහ" ප්‍රදේශවාසීන් පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. කුරුණෑගල දීස්ත්‍රිකයේ අති දූෂ්කර ප්‍රදේශයක් වූ දේවගිරිය" දඹහැර" පහළ දඹහැර" දීද්දෙනිය ඇතු¿ ගම්මාන කිහිපයක්ම මාතෘ සායන වෙනුවෙන් සේවාව සැපයෙන්නේ දේවගිරිය මාතෘ සායන මධ්‍යස්ථානයෙනි. ප්‍රදේශයේ පවතින දූෂ්කරතාව නිසාම පිට ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීන් මෙහි පැමිණිමට මැලිකමක් දක්වන අතර" දැනට එහි සේවයේ නියුතුව සිටින එකම සෞඛ්‍ය නිලධාරිනිය ද සිය රාජකාරි කටයුතු කරනුයේ දැඩි දූෂ්කරතාවන් මධ්‍යයේයි.

සෞඛ්‍ය අමාත්‍යංශය හෝ රජයේ වෙනක් කිසිදූ වගකිව යුතු ආයතනයක් විසින් දේවගිරිය මාතෘ සායන මධ්‍යස්ථානයේ විදූලි බිල හෝ ගෙවා ගැනීමට මුදල් වෙන් කර නොමැති අතර කිසිදූ නඩත්තු කටයුත්තක් හෝ සිදූ නොකරන පසුබිමක වසර එක හමාරක් පමණ මධ්‍යස්ථානයේ විදූලි බිල පවා ගෙවා ඇත්තේ චෝදනාවට ලක් කරන පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ පෞද්ගලික මුදලිනි.

මාතෘ සායන මධ්‍යස්ථානයේ අලංකාරය සදහා මල් පෝචිචි තැබීමට සායනයට පැමිණෙන මව්වරුන් යෝජනා කර ඇති අතර" මල්පෝච්චි ගෙන එන්නැයි සෞඛ්‍ය නිලධාරිනිය විසින් අනිවාර්ය නිතීයක් පනවා නොමැති බවද එම මව්වරුන් පවසයි. හිරු CIA වැඩසටහනේ ප්‍රචාරය කළ වීඩියෝ පට සංස්කරණය කර සාවද්‍ය පුවතක් නිර්මාණය කරමින් ප්‍රචාරය කර ඇති බවද මව්වරුන් චෝදනා කරයි.

මාතෘ සායනයට පැමිණෙන මව්වරුන්ගේ ජල අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව තිබෙන අතර" මධ්‍යස්ථානයේ කොතෙකුත් අඩුපාඩු තිබිය
දී" ඒවා පෙන්වා නොදී" සාවද්‍ය තොරතුරු මත" රැකියාව සේවයක් කොට සලකමින් මහත් දූෂ්කරතා මධ්‍යයේ සේවය කරන මෙවැනි නිලධරීන්ට මඩ ප්‍රහාර එල්ල කර" ඔවුන් සහ තවත් එවැනි නිලධාරීන් අපහාසයට සහ අධෛර්යයට පත් කිරීමට වගකිය යුතු මාධ්‍ය ආයතනයක් කටයුතු කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවද එම ප්‍රදේශවාසීන් සහ මව්වරුන් පවසති.

කෝටි ගණන් මහජන ධනය කොල්ල කන දේශපාලකයන් හා ඔවුන්ට උඩගෙඩි දෙන සමහරක් රාජ්‍ය නිලධාරීන් ගැන හෙළිදරව් කිරීමට පිටකොන්දක් නැති" තම පුද්ගලික අරමුණු වෙනුවෙන් මහා පරිමාණ ජාවාරම්කරුවන් රකින" තක්කඩි දේශපාලකයන් පුම්බන මාධ්‍ය ආයතන" රැකියාවට පමණක් සීමා නොවී ස්වෙච්ඡාවෙන්ම නිහඩව සේවය කරන නිලධාරීන්ට පහර
දී" නැති ප්‍රවෘත්ති නිර්මාණය කරමින් මහ උජාරුවෙන් රටට පෙන්වීම ලැජ්ජා සහගතය. ඔබලාගේ මාධ්‍ය සදාචාරය මෙයදැයි හිරු මාධ්‍ය ජාලයේ පාලනාධිකාරියෙන් විමසිය යුතුය.



උපුටා ගැනීම : Gossip99.com

No comments:

Post a Comment

Post Bottom Ad