ශ‍්‍රීලනිප ඇමතිලා වන සියඹලාපිටියගේ-චන්දිමගේ තටු කැපේ.. අමාත්‍යංශ බලතල සුපිරි කමිටුවකට පවරා ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 15, 2017

ශ‍්‍රීලනිප ඇමතිලා වන සියඹලාපිටියගේ-චන්දිමගේ තටු කැපේ.. අමාත්‍යංශ බලතල සුපිරි කමිටුවකට පවරා ගනී..

ශ‍්‍රීලනිප ඇමතිවරුන් වන රංජිත් සියඹලාපිටියගේ විදුලිබල සහ පුනර්ජනනීය ආමාත්‍යංශයේ හා චන්දිම වීරක්කොඩිගේ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය යටතේ දැනට ඇති බලතල කිහිපයක් නව පනතක් මගින් සුපිරි බලශක්ති කමිටුවකට පවරා දීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ සදහා එම අමාත්‍යංශවලින් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර විදුලිබල ඉංජිනේරු සංගමය විසින් මේ සම්බන්දයෙන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව පැමිණිලි කර ඇත. නව පනත මගින් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නා මිල ගණන් තීරණය කිරීම, විදුලි මීටර් පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම, අලූත් විදුලි බලාගාරවලට බලපත්‍ර නිකුත් කිරීම, ඛනිජ තෙල් සැපයුම් මිල තීරණය කිරීම ආදී තීරණාත්මක කරුණු අමාත්‍යංශවලින් ඉවත් කර නව බලශක්ති කමිටුවට පවරයි.

No comments:

Post a Comment

Post Bottom Ad