කොළඹ නගරයේ එකතුවන කැළි කසළ මුතුරාජවෙල බෝපිටිය රක්ෂිතයට රැගෙන ඒමට විරෝධය පාමින් කුණු ලොරිවලට පහර දුන්නැයි කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඊයේ දහවල් කසළ ලොරි පහක් බෝපිටියට රැගෙන ආ අවස්ථාවේ ඊට විරෝධය දැක් වූ පිරිස් හා පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. එහිදී උද්ඝෝෂකයන් කුණු ලොරිවලට ගල් ප්‍රහාරයක් එල්ල කළ බවද දැනගන්නට ඇත.
මෙම කලබලකාරී තත්ත්වය සහ කුණු ප්‍රශ්නටය විසඳුමක් ලබා ගැනීමට වත්තල මීසම්පාලක ආනන්ද විතාන සහ සහකාර මීසම්පාලග දිනූෂ ගයාන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා හා සාකච්ඡාවකට ගිය බවද උද්ඝෝෂකයෝ පැවැසූහ. කසල ලොරි 111ක් පමණ බෝපිටිය රක්ෂිතයට ඊයේ දින පමණක් රැගෙන ආ බව ප්‍රදේශවාසීහු පැවැසූහ.

No comments:
Post a Comment