කොළඹ මහ නගර සභාවට දේශපාලනඥයන්ගෙන් බලපෑම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 26, 2017

කොළඹ මහ නගර සභාවට දේශපාලනඥයන්ගෙන් බලපෑම්

කොළඹ මහ නගර සභාවට දේශපාලනඥයන්ගෙන් බලපෑම්
කොළඹ මහ නගර සභාවට ආණ්‌ඩුවේ ඇතැම් දේශපාලකයන්ගෙන් එල්ලවන විවිධ බලපෑම් හේතුවෙන් එහි පරිපාලන කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.

විශේෂයෙන්ම ස්‌වයං රැකියා වෙළෙඳ සංකීර්ණ ලබාගෙන ඇති වෙළෙඳුන් කඩ කුලී නොගෙවමින් බලහත්කාරයෙන් රැඳී සිටින අවස්‌ථා සම්බන්ධයෙන් අදාළ ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ නොදීම නිසා නගර සභාවට අයවිය යුතු රුපියල් කෝටි ගණනක බදු මුදලක්‌ අහිමිවී ඇතැයි ද වාර්තා වේ.

ඒ සමඟම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, කඩ කුලී නොගෙවන වෙළෙඳ සල් මුද්‍රා තැබීම ඇතුළු කටයුතුවලට දේශපාලනඥයන්ගේ මැදිහත්වීම නිසා බරපතළ ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගත වී ඇතැයිද එහි නිලධාරීහු චෝදනා කරති. කොළඹ ජාතික රෝහල ඉදිරිපිට නොරිස්‌ කැනල් පාරේ පිහිටි ස්‌වයං රැකියා වෙළෙඳ සංකීර්ණය එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට මේ දක්‌වා නොහැකි වීම ඊට දිය හැකි හොඳම උදාහරණය බවද ඔවුහු පෙන්වා දෙති. 

පිටකොටුව බෝධිරාජ මාවතේ හා 4, 5 හරස්‌ වීදිවල පිහිටා ඇති ස්‌වයං රැකියා වෙළෙඳ සංකීර්ණවලින් පමණක්‌ රුපියල් කෝටි 10 කට අධික හිඟ කඩ කුලී මේ දක්‌වා අයකර ගැනීමට නොහැකිවී ඇතැයිද වාර්තා වේ. කොළඹ මහ නගර සභාව මෙම වසරේ (2017) අපේක්‍ෂිත වරිපනම් බදු මුදල රුපියල් කෝටි 390 කි.

-දිවයින-

No comments:

Post a Comment

Post Bottom Ad