පුහුල් හොරා කරෙන් දැනේ නවීකරණය වුනේ මේහෙමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 27, 2017

පුහුල් හොරා කරෙන් දැනේ නවීකරණය වුනේ මේහෙමයි

“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ” යනුවෙන් ඒ කථාව නවීකරණය කළ හැකි සත්‍ය පුවතකි.

වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය පොලිස් නිලධාරින් දෙදෙනකුට ‍ බදුල්ල - අලුගොල්ලේ බස් මාර්ගය අසල බසයක් එනතුරු බලාසිටි සිටි පුද්ගලයෙකු දකින්නට ලැබුණි. ඒ පුද්ගලයා පිළිබඳව සැක සිතී ඔහු සතුව තිබූ පොහොර මලු පරික්ෂා කිරීමට යාමේ දී  ඔහු එම මලු අතහැර දමා පළාගොස් ඇත. පසුව අනාවරණය වූයේ බදුල්ල කොහොවිළකඳුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ගබඩා ගෙය බිඳ සිවුරු 7ක් සහ අටපිරිකර 3 ක් සොරකම් කරගෙන විකිණීම සඳහා යද්දී පොලිසියට හසුවෙතැයි බියෙන් ඔහු පළා ගිය බවය.

කෙසේ නමුත් මේ හොරබඩු  පොලිසියට ගෙන එන තෙක්ම  විහාරස්ථානයෙන් පැමිණිල්ලක් නොලැබුණ  බවද පොලිසිය කියයි. විහාරස්ථානයේ ගබඩා ගෙයි පිටුපස ජනේලයක් කඩා ඇතුල්වී මෙම සොරකම ම සිදුකර ඇති බව විමර්ශන වලදි අනාවරණය වී ඇත.  දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරගෙන යන බවත් පොලිසිය පවසයි.

බදුල්ල  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර සහ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක  බී.යූ.පී. මානියන්ගම යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

සුලක්ෂ පියතිස්ස බදුල්ල

No comments:

Post a Comment

Post Bottom Ad