යුද්ධයේ අවසන් සමයේ පුදුමාතලන්හි රැඳී සිටි ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ චාල්ස් ඇන්තනී අන්ධ පාසලක සිටි තරුණියන් පිරිසක් දූෂණය කළ බවට හා එම සිදුවීම සම්බන්ධයෙන් කෝපයට පත් ප්‍රභාකරන්, චාල්ස් ඇන්තනීට වෙඩි තබා මරා දැමූ බවට තොරතුරු තමන්ට අසන්නට ලැබුණු බවට අවසන් සටන පැවති සමයේ දිවි ගලවාගත් ධර්මාපුරම්, විශ්වමඩු වැනි ප්‍රදේශවල ජනතාව ප්‍රකාශ කරති.
යුද්ධයේ අවසන් කාළයේ ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ චාල්ස් ඇන්තනී පුදුමාතලන් අසල ප්‍රදේශයක කඳවුරක නැවතී සිට ඇත. නවාරිකුඩම් ප්‍රදේශයේ අන්ධ ගැහැණු ළමුන් සඳහා වූ පාසලක් තිබිණි. වරින්වර පැමිණි එල්.ටී.ටී.ඊ පොලිසියට සම්බන්ධ පිරිස් එම පාසලේ අධ්‍යාපනය ලද තරුණියන් බලහත්කාරයෙන් පුදුමාතලන් ප්‍රදේශයට රැගෙන ගිය බවත්, එහිදී තම දැරියන් ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනී විසින් වරින් වර දූෂණය කෙරුණු බවත් එය දැනගත් ප්‍රභාකරන් ඔහුට වෙඩි තබා ඝාතනය කළ බවට තොරතුරු තමන්ට අසන්නට ලැබුණු බැව් අවසන් සටන පැවති අවධියේ කොටින්ගේ අත්අඩංගුවේ සිට පසුව හමුදාවට භාර වී දිවි ගලවාගත් පිරිස් පසුගිය දා එම ප්‍රදේශවල අප කළ සංචාරයේදී අපට පැවසූහ.
එල්.ටී.ටී.ඊ සංවිධානය එවැනි සිදුවීම් සම්බන්ධයෙන් දැඩි විනයක් දැක්වූ බවද එවැනි ක්‍රියාවලට සම්බන්ධවූවන් ඉන් ඉහතදීද සංවිධානය විසින් වෙඩි තබා මරා දැමූ බවද ඔවුහු පැවසූහ. චාල්ස් ඇන්තනී ඝාතනය කෙරුණේ ප්‍රභාකරන් විසින් යැයි තමන්ට අසන්නට ලැබුණු බවත් ඒ පිළිබඳව ඇතැම් හමුදා නිළධාරීන් ද දැන සිටි බවට තමන්ට ආරංචි වූ අතර එහි සත්‍ය අසත්‍යතාව තමන් නොදන්නා බවත් ඔවුහු පැවසූහ. මේ සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනෙවිරත්න මහතාගෙන් විමසූවිට ඒ මහතා සඳහන් කළේ තමන් මෙවැනි කතාවක් මින් ඉහත අසා නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත්ය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
Saturday, April 22, 2017
අන්ධ පාසලක තරුණියන් දූෂණය කළාට, ප්‍රභාකරන් පුතාට වෙඩි තිබ්බාද?
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment