එජාප පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට එක්වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 10, 2017

එජාප පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට එක්වෙයි..

එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමන් විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම පිරිස එජාපයේ රැදී සිටිමින්ම විපක්‍ෂයේ අසුන් ගැනීමට සාකච්චා වට කිහිපයක්ම මේ වන විටත් පවත්වා ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද ඊට ඇනුමැතිය ලබා ගැනීමට අදහස් කර සිටී.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමක් විපක්‍සයේ අසුන් ගෙන සිටින අයුරින්ම එජාපයේ සිටිමින්ම විපක්‍ෂයේ අසුන් ගැනීම මෙම පිරිසේ අරමුණයි. මෙම පිරිසේ අදහස වී ඇත්තේ ආණ්ඩුවේ එජාප ඇමතිවරුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හඬ නගමින් පක්ෂයේ ගෞරවය හා පක්‍ෂය ආරක්ෂා වන ලෙස කටයුතු කිරීමයි.

මෙම කණ්ඩායම සදහා නායකයකු තෝරා ගැනීමේ සාකච්චා මේ දිනවල සිදුවෙමින් ඇතැයිද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad