ෆොන්සේකාට හමුදාවට උඩින් තනතුරු දීම කෙප්පයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

ෆොන්සේකාට හමුදාවට උඩින් තනතුරු දීම කෙප්පයක්

ෆොන්සේකාට හමුදාවට උඩින් තනතුරු දීම 
කෙප්පයක්

වැඩ වර්ජන අවස්ථාවකදී අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම කළමනාකරණය කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතාට තනතුරක් ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සාකච්ඡාවට බඳුන් කිරීම සත්‍යයක් වුවත් එවැනි තනතුරක් දීමට ජනපතිවරයා තීරණයක් ගෙන නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා

ඊයේ මාධ්‍ය හමුවකදී දැනුම් දුන්නේය.

මේ අවස්ථාවට එක්වඋ ැමති එස් බී දිසානායක කියා සිටියේ එම සාකච්ඡාව අවස්ථාවේ ජනපතිවරයා එවැනි තනතුරක් ගැන කියා සිටියේ විහිළුවට පමණක් බවකි. කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක් වැරැදි අවබෝධයකින් මාධ්‍ය වාර්තා කර ඇති බව ඇමති අමරවීර ඒ සමගම පැහැදිලි කර සිටියේය.

වැඩ වර්ජන උද්ඝෝෂණ වැනි අවස්ථාවකදී මහජන පීඩනය අවම කර ගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා සතු වෘත්තීය පළපුරුද්ද සහ දැනුම ප්‍රයෝජනයට ගනිමින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමත් ඒවා කළමනාකරණයත් තුළින් ජනතාවට සිදුවන පීඩනය අවම කර ගැනීමේ පරමාර්ථයෙන් ජනාධිපතිවරයා එවැනි යෝජනාවක් කළ නමුත් එවැනි පදවියක් හෝ තනතුරක් ලබාදීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන නැති බවත් එහිදී කියැවිණි.

No comments:

Post a Comment

Post Bottom Ad